kathiresan-kovil
majestic-city
unity-plaza
ocean-view-tower
1+

කොළඹ 4, කොළඹ

කොළඹ 4, එසේනැතිනම් "බම්බලපිටිය" ලෙස හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ කොළඹ වෙරළබඩ උපනගරයක් වන අතර එහි සුන්දර බව, විවිධ සංස්කෘතික උරුමයන් සහ විවිධ ප්‍රජාව ජිවත් වන සුන්දර නගරයකි. මෙම ප්‍රදේශය ආසන්න වශයෙන් වර්ග කි.මී 1.5ක් පුරා විහිදෙන අතර බටහිරින් ඉන්දියන් සාගරයෙන් මායිම්ව ඇති අතර, නාගරික ජීවිතය සහ මුහුදු වෙරළේ අසිරිය එකතු කරන මනරම් පරිසරයක් නිර්මාණය කරයි. බම්බලපිටිය එහි කාර්යබහුල වීදි, නේවාසික දේපල, වාණිජ ආයතන සහ අධ්‍යාපන ආයතනවල සම්මිශ්‍රණයෙන් සමන්විත වේ.


පැරණි යටත් විජිත පන්නයේ නිවාස ආකෘති ආකාරයේ නිවස්ද අපිට මෙම ප්‍රදේශයේ දැකිය හැකිය. මෙම ප්‍රදේශය වසර ගණනාවක් පුරා සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, එහි උපායමාර්ගික පිහිටීම, පහසු ප්‍රවේශය සහ ජීවන රටාවට යෝග්‍ය නිසා බොහෝ ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ජනතාව මෙම ප්‍රදේශයේ දේපළ මිලදී ගැනීමට ඉතා උත්සුක වේ. නගර ජීවිතය සහ සන්සුන් වෙරළබඩ ජීවන රටාව අතර සමතුලිතතාවයක් අපේක්ෂා කරන අයට එය ප්‍රධාන ස්ථානයක් බවට පත් කරයි.

බම්බලපිටිය මූලික වශයෙන් නේවාසික ප්‍රදේශයක සිට කාර්යබහුල නාගරික උපනගරයක් දක්වා විකාශනය වීම කොළඹ සමස්ත නාගරික ව්‍යාප්තිය සහ නවීකරණය පිළිබිඹු කරයි.
තව බලන්න
plus icon

නගරය පිළිබඳ කරුණු

tick iconදුම්රිය සහ බස් රථ සඳහා පහසු ප්‍රවේශය ලබා ගත හැකි නගරයකි.
tick iconකොළඹ ප්‍රධාන ව්‍යාපාරික ආයතන, පාසල් සහ විවිධ ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි නගරයකි.
tick iconනිශ්චල දේපල වෙලඳපොල වර්ධනය සහ වාණිජ ආයතන වල දියුණුව සහිත ප්‍රදේශයකි.
tick iconයටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය සහ ඓතිහාසික ස්ථාන සමග වටිනා ඓතිහාසික පසුබිමක් සහිත නගරයකි.
tick iconදේශීය සහ විදේශීය පදිංචිකරුවන්ගේ සම්මිශ්‍රණයක් සහිත ජන ජීවිතය දැකිය හැකි නගරයකි.
tick iconවිවිධ ආහාර, උත්සව සහ වැඩසටහන් හරහා පිළිබිඹු වන විවිධ සංස්කෘතීන්ගේ එකතුවක් සහිත නගරයකි.

ජනප්රිය බිම් සලකුණු

  • Kathiresan Kovil

  • Majestic City

  • Unity Plaza

  • Ocean View Tower

සම්බන්ධතාවය

Bus Icon

බස් මාර්ග

100පානදුර - බම්බලපිටිය - පිටකොටුව
101මොරටුව - බම්බලපිටිය - පිටකොටුව
102මොරටුව - බම්බලපිටිය - කොටහේන
Show more
plus icon
Train Icon

ආසන්නතම දුම්රිය ස්ථාන

0kmබම්බලපිටිය දුම්රිය ස්ථානය
1.2kmකොල්ලුපිටිය දුම්රිය ස්ථානය
4kmවැල්ලවත්ත දුම්රිය ස්ථානය
Show more
plus icon

නව සංවර්ධනයන්

tick iconStar Life Residencies, Blue Ocean - Frankfurt Place and Blue Ocean - Layard’s Road වැනි නව සහ ඉදිරියට එන සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති සිදුවෙමින් පවතී
tick iconමැරීන් ඩ්‍රයිව් සඳහා ආශ්‍රිත ඉදිරි ව්‍යාපෘතිය, වෙරළබඩ ප්‍රවේශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

tick iconප්‍රධාන මාර්ග සහ දුම්රිය මාර්ග තුළින් පොදු ප්‍රවාහනය හරහා කොළඹ සෙසු ප්‍රදේශවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
tick iconසියලුම ජීවන රටාවන් සඳහා විවිධ ආහාර රටා, සුපිරි සාප්පු සංකීර්ණ වල අත්දැකීම් සහ විනෝදාස්වාදයන් සඳහා යෝග්‍ය ස්ථාන සපයයි.
tick iconකීර්තිමත් පෞද්ගලික රෝහල් කිහිපයකට සමීප වෙමින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ හැකියාව.
tick iconප්‍රමුඛ පෙළේ පාසල්, විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන කිහිපයක නිවහන ලෙස හැඳින්වෙන නිසාම මෙම ප්‍රදේශය එය පවුල් සඳහා ජිවත්වීමට කදිම ස්ථානයක් බවට පත් කරයි.
tick iconඅඩු අපරාධ අනුපාතයක් සහිත කොළඹ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස සැලකේ.
tick iconවෙරළබඩ පරිසරය නාගරික සහ වෙරළබඩ ජීවන රටාවේ අද්විතීය සම්මිශ්‍රණයක් සපයයි.
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

tick iconකාර්යබහුල වේලාවන්හිදී වාහන තදබදය ඉතා වැඩි වශයෙන් දැකිව=ය හැකි නගරයකි.
tick iconහරිත භූමි සහ මහජනයාට නිදහසේ කාලය ගත කල හැකි වන උද්‍යාන වැනි ස්ථාන අවමයි.
tick iconනිවාස හිමි මාර්ග වල විදී ලාම්පු සවි කරමින් ආරක්ෂිත බව ඔවුනට තවත් සනාථ කල යුතුය.
tick iconනව දේපල ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක වන විට හරිත අවකාශයන් වඩ වඩාත් අඩු වෙමින් පවතී.
tick iconප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයක් තිබීමත්, වඩ වඩාත් වාණිජ, මහල් නිවාස සහ නිවාස ඒකක ප්‍රදේශයේ මතුවෙමින් පවතින නිසාත් අධික වාහන තදබදයක් පවතී.

ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4.4

out of 5
Circle outline
Commute
Connectivity & Commute4.5 out of 5
Circle outline
lifestyle
Lifestyle & Facilities4.5 out of 5
Circle outline
insurance
Safety & Security4.5 out of 5
Circle outline
plant
Environment4 out of 5

කොළඹ 4 හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 41,791.41 sqft
පසුගිය මාස 12 වර්ධනය
9.11%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
-5.49%
Negative Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.

ikman හි කොළඹ 4 දේපල 406+ක් ගවේෂණය කරන්න

hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!