- ///
- කොළඹ 11




කොළඹ 11, කොළඹ
ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. ඉං ඉන්දියාවේ දී කොටුවකින් පිට පෙදෙස හඳුන්වන්නට මෙම නම භාවිත කිරීම ඊට හේතුවයි. සිංහලයෙන් කොටුවෙන් පිට පෙදෙස හඳුන්වන්නට ‘පිටකොටුව’ යන නම භාවිත කෙරෙයි. පිටකොටුව එදා මෙදාතුර විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් ජීවත්වන පෙදෙසෙක් ලෙස ප්‍රකට ය.
පිටකොටුවේ කෙළින් වීදිය අතීතයේ සිට ම ප්‍රසිද්ධ වූ වීදියකි. මෙම වීදිය අතීතයේ දී ‘කොනින්ග් ස්ට්‍රීට්’නමින් හඳුන්වන ලද්දේ ලු. එය කලක සිට ම ඉතා ප්‍රෞඪ ය. වටිනා සාරි, උත්සව සඳහා ඇඳුම් එහි ඇති සාප්පුවලින් මිලට ගත හැක. ඊට අමතරව යම් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ද කෙළින් වීදිය ප්‍රසිද්ධ වී ඇත. කුමාර වීදිය අතීතයේ පටන් ම එනමින් පැවති පිටකොටුවේ වීදියකි. රාජසිංහ රජතුමාගේ පුත් කුමරු වෙනුවෙන් එනම තබන ලදැයි යන්න ඉතිහාසයේ සඳහන් වේ. පිටකොටුවේ දක්නට ඇති පැරණි ඕලන්ද කෞතුකාගාරය පිහිටියේ ද කුමාර වීදියේ ය.
මැලිබන් වීදියට එම නම ලැබී ඇත්තේ ලන්දේසි යුගයේ දී ය. ව්‍යාපාරික ඒ. ජී. හින්නි අප්පුහාමි සිය මුල් ම හෝටලය ආරම්භ කළේ මැලිබන් වීදියේ ය. මෙරට ප්‍රථම බෞද්ධ ඉංග්‍රිසී පාඨශාලාව අද හැඳින්වෙන "ආනන්ද විද්‍යාලය" පළමුව ආරම්භ කළේද එම ප්‍රදේශයේය. අද වන විට මැලිබන් වීදියට වඩා වෙළඳ නාමය ප්‍රකට ය. මංගල ඇරයුම් පත්, කේක් දවටන, ලිපිද්‍රව්‍ය සඳහා අද මැලිබන් වීදිය ප්‍රකට ය.
ඕල්කට් මාවත අසලින් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපස අසලින් විහිදීම ද කොටුවේ වැදගත් ස්ථාන කරා ප්‍රවේශ මාර්ගයක් වීම ද ඕල්කට් මාවතේ වැදගත්කම වැඩිවීමට හේතු වී ඇත. මල්වත්ත පාර බෑග්, පාවහන්, ඔර්ලෝසු ආදියට ප්‍රකට වෙයි.
පිටකොටුවේ වීදි එහි ජනවර්ග විවිධත්වය ද පෙන්නුම් කරයි. හෙට්ටි වීදිය, චයිනා වීදිය, පරණ යොන් වීදිය, අලුත් යොන් වීදිය, මුවර් වීදිය, අරාබි වීදිය මේ සඳහා ඇති අගනා සාක්ෂි වෙයි.
විවිධ භාණ්ඩ සොයා යන අය යනෙන වෙනත් වීදි මෙහි සඳහන් නොකළ හොත් අඩුවකි. හෙට්ටි වීදිය (රන් අබරණ), බංගසාල වීදිය (රසායන ද්‍රව්‍ය, කෘත්‍රිම මල්), ගබෝස් ලේන් (බෙහෙත් බඩු, කේක් බඩු), පරණ යොන් වීදිය (ගොඩනැගිලි ද්‍රව්‍ය), චයිනා වීදිය (විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ) රෝහිණී පටුමග (මුද්‍රණ ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය) ඒ සඳහා දිය හැකි නිදර්ශන කීපයකි.
නගරය පිළිබඳ කරුණු
ජනප්රිය බිම් සලකුණු

Jami Ul-Alfar Mosque

Khan Clock Tower

Pettah Floating Market

Pettah SLT Bus Stop

