kalu-ganga ඡායාරූපය
kalutara-bridge ඡායාරූපය
kalutara-clock-tower ඡායාරූපය
holy-cross-college-kalutara ඡායාරූපය
4+

කළුතර නගරය, කළුතර

කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 45 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍ර‍‍යෙනි. එකො‍‍‍ළොස්වන ශත වර්ෂයේදී දකුණු භාරතීය චෝල පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපය ‍‍ ‍පොල් සහ පොල් කොහු කර්මාන්තය ත් පොල් රා කර්මාන්තයත් සඳහා පසිඳුය. සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත. ජනගහනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පෙරේරා ප්‍රනාන්දු හෝ ද සිල්වා ආදී යටත් විජිත වාසගම් භාවිතය මෙම කලාපයේ සුලභ දසුනකි.


මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර පළාත හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු ‍කොන්ක්‍රීට් පාලමද වෙයි.

වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින කළුතර බෝධීන් වහන්සේ, දේශීය හා විදේශීය සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වෙරළ තීරයක් වන කැලිඩෝ වෙරළ තීරය සහ 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරක් වන රිච්මන්ඩ් කාසල් කළුතර පුරවරයේ සංචාරක ආකර්ෂණය වැඩි කරන ප්‍රධාන ස්ථාන ලෙස සැලකිය හැකිය.

මෙම වෙරළබඩ නගරය, එහි ඓතිහාසික වැදගත්කම, සංස්කෘතික විවිධත්වය සහ ස්වභාව සෞන්දර්යය, ශ්‍රී ලාංකීය චමත්කාරයේ අගනා නිමැවුමක් ලෙස සැලකෙන කළුතර පුරවරය සංචාරයට අමතක නොකළ යුතු ස්ථානයකි.
තව බලන්න
plus icon

නගරය පිළිබඳ කරුණු

වෙළඳාම සහ ආරක්ෂාව සඳහා ඓතිහාසික වශයෙන් උපායමාර්ගිකව වැදගත් වන ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වෙන නගරයකි.
කළු ගඟේ මෝය අසල වෙරළබඩ නගරය, මසුන් ඇල්ලීම සහ වෙළඳාම සඳහා වැදගත් වේ.
රූකඩ සම්ප්‍රදායන් වැඩි වශයෙන් දැකිය හැකි වගෙම අතීත කලාකෘතී සහිත කෞතුගාරායක් පිහිටා තිබීම.
දේශීය හා ගෝලීය ආර්ථිකය ප්‍රධාන ශක්තියක් වන කුරුඳු වගෙම රබර් ආදීය සිය ප්‍රධාන ආර්ථික ශක්තිය බවට පත් වි ඇත.
සිංහල බහුතර ප්‍රජාවක් සහිත විවිධ ආගමික ජනයා ඉතා සාමකාමීව වෙසෙන නගරයකි.
ඓතිහාසික වැදගත්කම් රාශියකින් යුක්ත බස්නාහිර පළාතේ සුවිශේෂී දිස්ත්‍රික්කයකි.

ජනප්රිය බිම් සලකුණු

  • Kalu Ganga

  • Kalutara Bus Station

  • Holy Cross College - Kalutara

  • Kalutara Clock Tower

සම්බන්ධතාවය

Bus Icon

බස් මාර්ග

418පයාගල - කළුතර
422මොරොන්තුඩුව - කළුතර
423නැබඩ - කළුතර
Show more
plus icon
Train Icon

ආසන්නතම දුම්රිය ස්ථාන

0kmදකුණු කළුතර දුම්රිය ස්ථානය
2.2kmකළුතර උතුරු දුම්රිය ස්ථානය
3.2kmකටුකුරුන්ද දුම්රිය ස්ථානය
Show more
plus icon

නව සංවර්ධනයන්

Oceana Beach Resort වැනි සුඛෝපභෝගී බීච් රිසෝට් මහල් නිවාස සහ විලා ව්‍යාපෘති හඳුන්වාදීම
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

ප්‍රධාන මහ මාර්ග වලින් සහ දුම්රිය මාර්ග වලින් අනෙකුත් ප්‍රදේශ වෙත පහසුවෙන් ගමන් කළ හැකි පහසු ප්‍රවේශයක් සහිත පුරවරයකි.
කොළඹ සිට ගාලු පාර හරහා පැය එකහමාරක් (කිලෝමීටර් 45) දුරින් පිහිටා ඇති අතර, වාණිජ අගනුවරට සහ ඉන් පිටතට දිනපතා ගමන් කිරීම තරමක් පහසු වේ.
පුළුල් පරාසයක පොදු පහසුකම් සහ පොදු සේවාවන් පැවතීම නිවැසියන්ට පහසුව ගෙන දෙයි.
සතුටින් සහ මානසික නිදහසින් කාලය ගත කල හැකි සුන්දර වෙරළ තීරයක් තිබීම.
පානදුර මූලික රෝහල, කළුතර ශික්ෂණ රෝහල, හොරණ මූලික රෝහල වැනි කීර්තිමත් රජයේ රෝහල් කිහිපයක මෙන්ම පෞද්ගලික රෝහල් රැසකට මෙම දිස්ත්‍රික්කය නිවහන වේ.
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ තවත් බොහෝ කීර්තිමත් පාසල් සහ අධ්‍යාපන ආයතන රාශියක් මෙම පුරවරයේ පිහිටා තිබේ.
සාමකාමී සහ නිවැසියන්ට සහ පැමිණෙන සංචාරකයින් හට ආරක්ෂිතව සිය කාලය ගත කල හැකි නගරයකි.
යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එහි ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට දිස්ත්‍රික්කයේ කැපවීම නිසා නිවැසියන්ට වෙරළ, උද්‍යාන සහ විනෝදාත්මක ප්‍රදේශ වෙත ප්‍රවේශය සහිත ගුණාත්මක ජීවන පරිසරයක් භුක්ති විඳීමට සහතික වේ.
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

A need for improvement in road networks in the city's interiors.
Significant traffic congestion along the Galle Road during peak hours may result in long and tedious commutes to and from the commercial capital.
සුපිරි සාප්පු සංකීර්ණ,අවන්හල් ආදී විවේක සහ වින‌ෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ස්ථාන සහ පහසුකම් පුළුල් විය යුතුය.
ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස බලපෑම් වලින් ආරක්ෂා වීම සඳහා වෙරළබඩ හා පාරිසරික ආරක්ෂණ පියවරයන් ශක්තිමත් කිරීමේ අවශ්යතාවය.
පවතින ආර්ථික අර්බුදයෙන් පැන නගින නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් ඌන-සංවර්ධිත අසල්වැසි ප්‍රදේශවල ආරක්‍ෂාව පිළිබඳ සැලකිය යුතු ඉහළ යාමක්.
අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති හේතුවෙන් වෙරළබඩ, ගොඩබිම සහ වායු දූෂණය පිළිබඳ ගැටළු වර්ධනය වෙමින් පවතී.

ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4

out of 5
සම්බන්ධතාවය සහ ගමනාගමනය
සම්බන්ධතාවය සහ ගමනාගමනය
සම්බන්ධතාවය සහ ගමනාගමනය4 out of 5
ජීවන රටාව සහ පහසුකම්
ජීවන රටාව සහ පහසුකම්
ජීවන රටාව සහ පහසුකම්4 out of 5
ආරක්ෂාව
ආරක්ෂාව
ආරක්ෂාව4 out of 5
පරිසරය
පරිසරය
පරිසරය4 out of 5

කළුතර නගරය හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
Icon
තෝරාගත් කාල සීමාව/ෆිල්ටර් සඳහා දත්ත නොමැත. කරුණාකර ඔබේ ෆිල්ටර් නැවත සකස් කරන්න හෝ පසුව නැවත පරීක්ෂා කරන්න.

ikman හි කළුතර නගරය දේපල 643+ක් ගවේෂණය කරන්න

hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!