



5+
කළුතර
කළුතර යන නාමය කළුතොට යන නාමයෙන් බිඳී පැමිණි නාමයකි.කළුගංතොට නාමය කළුතොට වී පසුව කළුතර වී තිබේ. ඉතිහාසයේ කළුතර පිළිබඳව සඳහන්වන මුල්ම එක් අවස්ථාවක් වන්නේ චෝල කුමරෙකු වූ පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරු තම අගනුවර බවට කළුතර පත් කරගත් නිසාවෙනි.
කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි.මී 45 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකොළොස්වන ශත වර්ෂයේදී දකුණු භාරතීය චෝල පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරාගේ අණ පරිදි මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපය පොල් සහ පොල් කොහු කර්මාන්තය ත් පොල් රා කර්මාන්තයත් සඳහා පසිඳුය. සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත. ජනගහනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පෙරේරා ප්‍රනාන්දු හෝ ද සිල්වා ආදී යටත් විජිත වාසගම් භාවිතය මෙම කලාපයේ සුලභ දසුනකි.
මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය රටේ බස්නාහිර පළාත හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් පාලමද වෙයි.
වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින කළුතර බෝධීන් වහන්සේ, දේශීය හා විදේශීය සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වෙරළ තීරයක් වන කැලිඩෝ වෙරළ තීරය සහ 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරක් වන රිච්මන්ඩ් කාසල් කළුතර පුරවරයේ සංචාරක ආකර්ෂණය වැඩි කරන ප්‍රධාන ස්ථාන ලෙස සැලකිය හැකිය.
මෙම වෙරළබඩ නගරය, එහි ඓතිහාසික වැදගත්කම, සංස්කෘතික විවිධත්වය සහ ස්වභාව සෞන්දර්යය, ශ්‍රී ලාංකීය චමත්කාරයේ අගනා නිමැවුමක් ලෙස සැලකෙන කළුතර පුරවරය සංචාරයට අමතක නොකළ යුතු ස්ථානයකි.
තව බලන්න
නගරය පිළිබඳ කරුණු
ජනප්රිය බිම් සලකුණු

Kalu Ganga

Kalutara Bodhiya

Kalutara Bridge

Holy Cross College - Kalutara

Bank of Ceylon - Kalutara Super Grade Branch

Kalutara Clock Tower

Kalutara Bus Station

Kalutara South Railway Station

Kalutara Post Office
සම්බන්ධතාවය
බස් මාර්ග
418පයාගල - කළුතර
422මොරොන්තුඩුව - කළුතර
423නැබඩ - කළුතර
Show more
ආසන්නතම දුම්රිය ස්ථාන
0kmදකුණු කළුතර දුම්රිය ස්ථානය
2.2kmකළුතර උතුරු දුම්රිය ස්ථානය
3.2kmකටුකුරුන්ද දුම්රිය ස්ථානය
Show more
නව සංවර්ධනයන්
විශේෂ ව්යාපෘති
මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?
මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4
සම්බන්ධතාවය සහ ගමනාගමනය4 out of 5
ජීවන රටාව සහ පහසුකම්4 out of 5
ආරක්ෂාව4 out of 5
පරිසරය4 out of 5
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4
සම්බන්ධතාවය සහ ගමනාගමනය4 out of 5
ජීවන රටාව සහ පහසුකම්4 out of 5
ආරක්ෂාව4 out of 5
පරිසරය4 out of 5
කළුතර හි දේපල මිල ප්‍රවණතා
මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
LKR 39,321.28 per sqft
පසුගිය මාස 12 වර්ධනය
-0.3%
පසුගිය මාස 3 වර්ධනය
-1.29%


