the-beach-front-ii-uswetakeiyawa- වත්තල
the-beach-front-ii-uswetakeiyawa-dining-room වත්තල
the-beach-front-ii-uswetakeiyawa-living-room වත්තල
1+

The Beach Front II Uswetakeiyawa

By Prime Group
Icon
වත්තල

මුළු ඒකක

15 Floors, 116 Units

ඒකක ප්රමාණය

741 - 2,274 sqft

දියත් කිරීමේ දිනයන්

August 2020

ව්යාපෘති තත්ත්වය

Ready

මිල පරාසය

LKR 32m - 40m

The Beach Front II යනු ප්‍රයිම් සමූහය විසින්, කොළඹ අහස සහ උස්වැටකෙයියාවේ නිල් පැහැති සාගරය පාලම් කරමින්, සුවිශේෂී සංවර්ධනයකට පෙරළන ලද විවේකය, නිස්කලංකත්වය සහ අලංකාර ජීවන රටාව ගෙන දක්වන ඉදිකිරීමකි. කොළඹට විනාඩි 30ක දුරක් හා ගුවන් තොටුපළට ඊටත් වඩා කෙටි ගමනකින් ඇති මෙම දේපල ඒකක 116කින් සමන්විත වේ. සුවපහසුව සහ විශ්මයජනක දර්ශන සඳහා ඉඩකඩ සහිත මෙම මහල් නිවාස වල, තෝරා ගැනීමට එක් නිදන කාමරයක්, නිදන කාමර දෙකක් සහ නිදන කාමර තුනකින් යුත් ඒකක ඇත. පළිඟු මෙන් පැහැදිලි ජලයේ පුළුල් දර්ශනවලින් පිරී ඇති, අවට පරිසරය උපරිම ලෙස යොදා ගනිමින් ගොඩනගා ඇති, පෙන්ට් හවුස් හතරක එකතුවක් නිවැසියන් සඳහා සුවිශේෂීත්වයක් ලබා දෙයි.


සෞන්දර්යය, වාසස්ථානවලට තවත් අලංකාරී බවක් ගෙන එයි. උසස් උපාංග සහ අලංකාර ස්පර්ශයන්, සන්සුන් ආකර්ෂණයක් එක් කරන අතර බිම සිට සිවිලිම දක්වා වූ ජනේල, මුහුද සහ නිවස අතර ඇති බාධකය අඩු කරන අතර, වාසස්ථාන ධනාත්මක බවින් පුරවයි. සම්පුර්ණයෙන්ම සවි කර ඇති නවීන පැන්ට්‍රි කැබිනට්, උසස් නාන කාමර උපාංග සහ 15 කට වැඩි සුඛෝපභෝගී පහසුකම් මාලාව, ගැනුම්කරුවන්ට මෙම දේපල පිලිබද ආකර්ශනය වැඩි කරයි.

අමතක නොවන BBQ රාත්‍රීවල සිට යෝගා තට්ටුව තුල අභ්‍යන්තර සාමය සොයා යාම හෝ තටාකයේ ප්‍රබෝධමත් දිය නෑම දක්වා, එහි පසුබිමේ සාගර සංගීතය ස්ථාවර ලෙස පවතී. මේ අතර, නිවැසියන්ට වොලිබෝල් ක්‍රීඩාව සමඟ ක්‍රියාශීලීව සිටීමට හෝ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ වැඩ කිරීමට, චික් බාර් එකේ විවේක ගැනීමට හෝ සන්සුන් වෙරළ උද්‍යානයට යාමට හැකිය. අනෙක් අතට, ඔවුන්ට සියල්ලෙන් මිදී ගෘහස්ථව පොතක් සමඟ බැල්කනියේ විවේකාගාරයේ හෝ ජැකුසියේ සන්සුන් ජලයේ සිටීමට හැකිය.

එහි කුඩා පැන්ට්‍රිය සහිත දෙවන නිදන කාමරය ස්ටුඩියෝ මහල් නිවාසයක් ලෙස වෙන වෙනම කුලියට ගත හැකි අතර, මෙම මහල් නිවාසවල ද්විත්ව යතුරු ලක්ෂණය, නිවාඩු නිකේතන කුලී ආදායම සඳහා අද්විතීය අවස්ථාවක් සපයන අතර, එය ප්‍රදේශය ගවේෂණය කරන සංචාරකයින්ට වඩාත් සුදුසු වේ. සමස්තයක් වශයෙන්, උස්වැටකෙයියාව - වත්තල තල් වතු වලින් වටවී ඇති The Beach Front II යනු වෙරළ තීරයේ, පෞද්ගලික මුහුදු වෙරළේ විලා එකක් සඳහා ආශා කරන අයට කදිම ආයෝජනයකි.
තව කියවන්න
plus icon

පහසුකම්

පිහිනුම් තටාකය
අපද්‍රව්‍ය බැහැර කිරීම
කාය වර්ධන මධ්‍යස්ථාන
Kids Play Area
24x7-ආරක්ෂාව
විදුලි සෝපාන
උණු වතුර පද්ධතිය
වාහන නැවැත්වීමේ පහසුකම
වායු සමීකරණයන්
Power Backup
cctv-ආරක්ෂාව
View all 14 amenities
plus icon

සමාන ව්‍යාපෘති

ද්විත්ව යතුරු මහල් නිවාස, වෙනම කුලියට ගත හැකි ස්ටුඩියෝ මහල් නිවාස නිර්මාණය කරයි.
පහසුකම් 15 කට වඩා සමන්විතයි.
ආකර්ශනීය ස්ථාන රාශියක් ආසන්නයේ මධ්‍යම ස්ථානයක පිහිටා ඇති වාසිදායක නිවාඩු නිවහන.
කොළඹට විනාඩි 30ක් හා ගුවන් තොටුපළට විනාඩි 20ක දුරින් පිහිටා ඇත.
සම්මානලාභී සංවර්ධකයෙකු වන සුප්‍රසිද්ධ ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලදී.

අසල්වැසි ගවේෂණය - සිතියම් දසුන

Icon

අත් පත්‍රිකා

Download Brochure

වත්තල ප්‍රදේශ මාර්ගෝපදේශ

ශ්‍රී ලංකාවේ බටහිර පළාතේ පිහිටා ඇති කාර්යබහුල උපනගරයක් වන වත්තල, වර්ධනයේ සහ විවිධත්වයේ නගරයක් ලෙස හැඳින්වේ. කොළඹට උතුරින් පිහිටි උපායමාර්ගික පිහිටීමක් සහිත මෙම ප්‍රදේශය, නිස්කලංක නේවාසික ප්‍රදේශයක සිට විචිත්‍රවත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇත. වත්තල නගරය ප්‍රදේශවාසීන්ට සියලු පහසුකම් සපයන නගරයක් බවට පත්ව ඇත.


කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සහ මීගමුව මාර්ගය හරහා කොළඹට ප්‍රවේශ වීමේ හැකියාව නිසා වත්තල ප්‍රදේශයේ නිශ්චල දේපල ඉහළ වටිනාකමක් ඇති අතර එය නේවාසික සහ වාණිජ ආයෝජන සඳහා ඉල්ලුමක් ඇති ස්ථානයක් බවට පත් කරයි. මෙම ප්‍රදේශය සාම්ප්‍රදායික නිවාසවල සිට නවීන මහල් නිවාස සංකීර්ණ දක්වා විවිධාකාර වූ නිවාස විකල්පයන්ගෙන් සමන්විත වන අතර එය පුළුල් පරාසයක මිල ගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව බොහෝ සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් සහ දේශීය වෙළඳසැල් වත්තල නගරය පුරා දැකිය හැක.

එපමනක් නොව, වත්තල ජනවාර්ගික විවිධත්වය, සහජීවනය සහ ආගම් සමග සුසංයෝගය සමග, සජීවී ජන ජීවිතයට උපකාරී වේ. උත්සව සහ සැමරුම් පොදු සංස්කෘතික උත්සව ලෙස ආගම් ‌භේදයකින් තොරව සියලු දෙනා එකතුව සංවිධාන කරන සහයෝගීතාවේ ප්‍රම්‍රඛ නගරයක් වේ.
Thumbup

මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?

කොළඹ සහ මීගමුව යන දෙකටම පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සලසමින් A3 අධිවේගී මාර්ගයේ පිහිටීම නිසා විශිෂ්ට සම්බන්ධතාවක් සපයයි.
ප‌ොදු ප්‍රවාහන සේවා පහසුකම් ලබා ගත හැකි අතර ප්‍රදේශවාසීන්ට එය පහසුව ගෙන දෙයි.
තව කියවන්න
Thumbup

මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?

වැඩිවන වාහන තදබදය හැසිරවීමට සහ තදබදය වැළැක්වීමට, විශේෂයෙන්ම කාර්ය බහුල වේලාවන්හිදී වත්තල ප්‍රදේශයේ සමහර ප්‍රාදේශීය මාර්ග වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම අවශ්‍ය වේ.
පොදු ප්‍රවාහන විකල්පයන් පවතින අතර, බස් රථ සේවා වැඩි කිරීම නිවැසියන්ගේ දෛනික ගමනාගමනය වැඩිදියුණු කරනු ඇත
තව කියවන්න

වත්තල ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්

4.3

out of 5

සංවර්ධකයා

Prime Group
සම්පුර්ණ ව්‍යාපෘති
75
වසර ගණනාවක අත්දැකීම්
29

වසර 29 කට පෙර ආරම්භ කරන ලද ප්‍රයිම් සමූහය මෙරට කිර්තීමත් සමාගමකි. සේවකයින් හතර දෙනෙකුගෙන් යුත් නිහතමානී ආරම්භයේ සිට, ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ ප්‍රමුඛස්ථානයට පැමිණ සිටී. දිස්ත්‍රික්ක 18ක් ආවරණය කරමින් සහ තෘප්තිමත් සේවාදායකයින් 300,000කට අධික පිරිසකට සේවය කරමින් සමාගම විශිෂ්ටත්වයට පත් වී ඇත.


අභිලාෂකාමී නිවාස හිමියන් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ප්‍රයිම් සමූහය විශ්වාස කරයි, විවිධ වාරික ඉඩම් සහ සංවර්ධන විකල්පයන් සහ විස්තීරණ ආධාරක සේවාවන් ලබා දෙයි. ඉඩම් ව්‍යාපෘති 6,000කට අධික ප්‍රමාණයක්, නිවාස ව්‍යාපෘති 30ක් සහ මහල් නිවාස ව්‍යාපෘති 45ක් පමණ සමඟින්, සමාගම උසස් තත්ත්වයේ, අගය එකතු කළ විසඳුම් අඛණ්ඩව ලබා දෙන අතර, සම්මානලාභී සංවර්ධකයෙකු ලෙස පිළිගැනීමක් ලබා ගනී.
තව කියවන්න
plus icon

වත්තල හි දේපල මිල ප්‍රවණතා

මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 24,266.78 sqft
පසුගිය මාස 12 වර්ධනය
1.78%
Positive Trend
පසුගිය මාස 3 වර්ධනය
-7.57%
Negative Trend
Icon
සටහන: මිල තොරතුරු පදනම් වන්නේ ikman හි පළ කර ඇති දැන්වීම්වල අතීත දත්ත මත වන අතර සම්පූර්ණ වෙළඳපල ප්‍රවණතා පිළිබිඹු නොවිය හැක.
hero

ikman හි ඉක්මනින් විකිණීමට හෝ කුලියට දෙන්න: ඔබේ දේපළ විනාඩි 2කින් පළ කරන්න!