- ///
- නුවරඑළිය නගරය




2+
නුවරඑළිය නගරය, නුවරඑලිය
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.
නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය. මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්වදේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.
අප්‍රේල් සහ දෙසැම්බර් යනු නුවරඑළිය කාර්යබහුල කාල සීමාවක් ලෙස හැඳින්වේ.අප්‍රේල් මාසයේ නුවරඑළියේ වසන්ත සැණකෙළිය පැවැත්වෙයි.මෙසමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙලි, ඡායාරූප ප්‍රදර්ශණ ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන 4x4 'ලේක් ක්‍රොස්’ තරඟයි.
තව බලන්න
නගරය පිළිබඳ කරුණු
සම්බන්ධතාවය
බස් මාර්ග
32මහනුවර - නුවරඑළිය
79කොළඹ - නුවරඑළිය
31-1නුවරඑළිය - මාතර
Show more
ආසන්නතම දුම්රිය ස්ථාන
9.2kmනානුඔය දුම්රිය ස්ථානය
නව සංවර්ධනයන්
විශේෂ ව්යාපෘති
මෙම නගරයේ ඇති විශිෂ්ට ලක්ෂණ මොනවාද?
මෙම නගරයේ අවධානය යොමු කළ යුතු අංග මොනවාද?
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.1
සම්බන්ධතාවය සහ ගමනාගමනය3 out of 5
ජීවන රටාව සහ පහසුකම්4.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4.5 out of 5
ප්‍රදේශයේ ශ්රේණිගත කිරීම්
4.1
සම්බන්ධතාවය සහ ගමනාගමනය3 out of 5
ජීවන රටාව සහ පහසුකම්4.5 out of 5
ආරක්ෂාව4.5 out of 5
පරිසරය4.5 out of 5
නුවරඑළිය නගරය හි දේපල මිල ප්‍රවණතා
මිලදී ගන්න
කුලියට ගන්න
නිදන කාමර:
සාමාන්‍ය මිල (පසුගිය මාස 12)
Rs. 23,316.34 per sqft
පසුගිය මාස 12 වර්ධනය
-15.24%
පසුගිය මාස 3 වර්ධනය
-9.68%